Из-за периодической блокировки нашего сайта РКН сервисами, просим воспользоваться резервным адресом:
Загрузить через dTub.ru Загрузить через ClipSaver.ruУ нас вы можете посмотреть бесплатно අති පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේ දේශනාවක උපුටා දැක්වීම ඔබේ අවධානය පිණිස. или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Роботам не доступно скачивание файлов. Если вы считаете что это ошибочное сообщение - попробуйте зайти на сайт через браузер google chrome или mozilla firefox. Если сообщение не исчезает - напишите о проблеме в обратную связь. Спасибо.
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
අති පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේ දේශනාවක උපුටා දැක්වීම ඔබේ අවධානය පිණිස. මේ දැන් මේ පළාතට පුංචි භූමිකම්පාවක් වුණා. මෙතන රහතන් වහන්සේ කෙනෙක් වැඩ හිටිය නම්, එතුමාටත් එය දැනෙනවා, දැනගන්නවා. නමුත්, මේ ක්ෂණික අනිත්‍යය මොහොත ප්‍රත්‍යක්ෂ අවබෝධ වුණු එතුමාණන්ට, ඒ විඤ්ඤාණ මොහොත ස්කන්ධ මිස අපට වගේ උපාදානස්කන්ධ වෙන්නෙ නෑ. ඒ මොහොත එතැනින් ඉවර වෙන මොහොත සකස් වීමක් කියන මොහොතක් නෑ. නිරෝධ සමාපත්තිය. අපිට, ගෙවල් කඩා වැටෙයිද, අරකද, මේකද. ඔන්න ඔය තමයි වෙනස. දැනීමක් දැනගැනීම නොවෙනවා නොවෙයි. නමුත් මේ මොහොත මේ මොහොතේම ඉවරයි. රකින්න බැඳෙන්න ඇලෙන ගැටෙන දෙයක් කෙනෙක් පැවැත්මක් සකස් වීමක් නෑ. ප්‍රත්‍යක්ෂ අවබෝධය, පිහිටා සිටි කෘතඥනය. අපි මාර්ගය කියන්නෙ, මේ සකස් වීම ඉවර වීම අත්විඳීමින් ඒ නිරෝධ සමාපත්තියට ටික ටික ලංවීම. ඉතින් මේ අවබෝධය, අරයට හිතෙන විදියට, මෙයාට හිතෙන විදියට හිතලා වැඩක් නෑ. තමන් ම අත් විඳින්න වෙනවා. එතකොට අමුතුවෙන් පොත්පත් පිඨක අරයා මෙයා හිතන කෝණ නෙමෙයි, තමන් මයි අවබෝධ කරගන්නේ මේ මොහොතේ හැදෙන ඉවර වෙන මේ මොහොතෙක දැනගැනීම එතනින් ඉවර කරනවද, නැත්නම් ඒකත ඉතිරි කරගෙන දුක කම්කටොලු හදාගන්න තවම මෝඩද කියල. සකස් වෙන්න වත් නැති නිරුද්ධයක, අරන් යන්න කර්මක්ලේශ ඉතිරි වීමක් නෑ මයි. ඒකටයි මේ රහතන් වහන්සේ කියන්නේ. පුද්ගලත්වය නූපදවීම. අපිටත් එතෙන්ට යන්න පාර කපා ගන්නයි මේ මාර්ගය. මේ සතිපට්ඨානය, සිහිය සතිමත්ව පිහිටුවීම, මේ නිරුද්ධ වීම, පංච උපාදානස්කන්ධයේ උදය වැය දකිමින් වාසය තුළින් ස්කන්ධ මට්ටම මතුකර ගැනීම. ඒ ආර්ය සම්මා දිට්ඨිය පෙර ගමන් කරු වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඒ සඳහා යි. තෙරුවන් සරණයි